බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ චාරිකාවක පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිටි එක් සිසුවෙකු උණවටුන රූමස්සලදී සිදුවු අනතුරකින් ඊයේ (20) සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය, පුෂ්පාරාම විහාර මාවත පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
මියගිය සිසුවා ඇතුලු සිසුන් 112 ක කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ පළමුව ගාල්ල කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථය රූමස්සල කන්ද මාරගයේ ධාවනය කරමින් සිටියදී පටු ස්ථානයක ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා බස් රථය පිටු පසට ගන්නා අවස්ථාවේ දී මෙම සිසුවා හිස එලියට දමා ඇති බවත්, ඒ සමඟම විදුලි පහන් කණුවක හිස වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.