කුරුණෑගල ඇතුගල ලඳු කැලෑවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙමිවතුන් යුවල මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් 24 හැවිරිදි සහ 20 වන වියේ පසුවන්නන්.
ඊයේ ඇතුගල මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඔවුන් විසිකළ ගිනිකූරකින් මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් අක්කර 3 ක් පමණ විනාශ වුණා.
මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි වරෙන්තුකරුවෙකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලායාමේ සිද්ධියකට අදාළව සැකකරු භාරව සිටි බන්ධනාගාර නිලධාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 31 හැවිරිදි සැකකරු ඊයේ පස්වරුවේ කරාපිටිය රෝහලේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ මෙලෙස පලාගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සදහන් කළේ.