ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට කොටගල – හැටන් අතර අඩි 60 පාලම නම් වූ ස්ථනයේදීයි මෙම කාන්තාව ගැටී ඇත්තේ.
එලෙස දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත්, එම මළ සිරුර කොටගල රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා බවයි අප කළ විමසීමක දී පොලිසිය පැවසුවේඑ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්රදේශයේ පදිංචි කාන්තාවක්.