ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටරකරණ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝගී දරුවන් පරික්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කිරිමට සිදු ව තිබෙනවා.
ළමා හෘද රෝග කැතීටරකරන ඒකකයේ සිටි වෛද්‍යරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු වසර 20ක සේවා කාළයක් නිමා කර පසුගිය 15 වැනි දින විශ්‍රම ගොස් ඇති අතර අනෙක් වෛද්‍යවරයා වැඩිදුර පුහුණුවක් සඳහා යොමුව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල අධ්යක්ෂ වෛද්‍ය එස්.ඩී.උදේෂ් රංග ප්‍රකාශ කළා.
දැනට පුහුණුව ලත් සාමාන්‍ය වෛද්‍යරුන් විසින් අදාල විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර්යයන් සිදුකරන බවයි සඳහන් වෙන්නේ.
ළමා හෘද සායනික කටයුතු වැඩබලන විශේෂඥ වෛද්‍යවරියක් විසින් ආවරණ කළත් සැත්කම් ඇය විසින් සිදුනොකරන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල අධ්යක්ෂ පවසන්නේ.
කෙසේ වෙතත් රෝගී දරුවන්ගේ මව්පියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෛම තත්ත්වයට විසදුම් ලබා දි කරාපිටිය රෝහලේ ළමා හෘද කැතීටරකරන ඒකකයේ කටයුතු ආරම්භ කරන ලෙසයි.