යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා පවසයි.
කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පැවසුවේ සේවකයින් බලවත් අසාධාරණයට ලක්වන ප්‍රතිසංස්කරණ රැසක් එම යෝජනාවලට ඇතුළත් බවය.
හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා,
“අර්ධ කාලීන කියලා සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා. හෝටල් පාලකයාට අයිතිය ලැබෙනවා.. කාර්යබහුල වේලාවේදී පමණක් පැය 03කට සේවකයෝ බඳව ගන්න. ඊට පස්සේ ගෙදර යවන්න. අලුත් සේවකයෙක් ඕනේ නම් ආයෙත් ගන්න. පාලකයාට පැය 08කට ගෙවන්න ඕනේ නැහැ. අතිකාල ගෙවන්න ඕනේ නැහැ. අතිකාල නැතුව වැඩ ගන්න පුළුවන්. මේක කුරිරු නීතියක්.”