ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා.
ඇය පවසා සිටින්නේ දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ සිදු වන ආපදා පිළිබඳ නිසි ආකාරයට අර්ථ දැක්වීමට නොහැකිවී ඇත්තේ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ආකාරයට පරීක්ෂණ සිදු නොවන නිසා බවයි ඇය සඳහන් කර සිටියේ.
අහසින් වැටෙන ජලය එකතු කර ගැනීමට උත්සාහ ගත යුතු අතර එසේ නොකළහොත් අනිවාර්යයෙන්ම පානීය ජල ගැටලුවක් මතු වන බවද මහාචාර්යවරිය ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මෙත්තිකා පැවසුවේ දේශගුණ කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට රටේ කිසිදු සැලසුමක් නැති අතර දේශපාලනයට ද ඒ පිළිබඳව වගවීමක් නැති බවයි.