ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමන බවයි වාර්තා වෙන්නේ.
ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළ යන අතර ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කෙරෙන බවයි සඳහන් වෙන්නේ.
ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමන අතර ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ඊ (16)පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටින්නේ.