තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ, ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් රත්මලාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි.
සැකකරුවන් විසින් අදාළ පුද්ගලයාට පහර දී නිවසේ දේපොළවලට ද අලාභ හානි සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 19,25,27 හා 47 යන වයස්වල පසුවන රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය වාර්තා කරයි.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.