කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ කාණුවක් අසල තිබියදී පසුගිය (09) සෙයාගත් බිළිඳු මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) සිදුකෙරුණි.
එහිදී අනාවරණය වුණේ බිළිඳා ජීවත්ව සිටියදී කාණුවට දමා ඇති බවත් එහිදී බිළිඳාගේ පෙනහලු තුළට ජලය ඇතුළුවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බිළිඳාගේ මව්පියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ