නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගේ PCR පරීක්ෂණ සිදුකිරීම අදත්

0
36

නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටයුතු අද දිනයේත් සිදු කරන බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ ඊයේ දිනය තුළ පමණක් නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් 300 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරික්ෂණ සිදු කර ඇති බවයි.

ඒ අනුව අද හෝ හෙට දිනයේ එම පරික්ෂණ වල වාර්තා ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වන විට පුද්ගලයින් 3556 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ දිනයේ පූනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 91 දෙනෙකුනිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය බවයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.