තිස්සමහාරාම – කතරගම ප්රධාන මාර්ගයේ 6 කනුව ප්රදේශයේ දී යතුරු පැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් 15 හැවිරිදි පුතා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවයි තිස්සමහරාම පොලීසිය පවසන්නේ.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ කතරගම පූජාවකට කිරින්දේ සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක්.