අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්රියේදී නිකුත් කෙරුනු ඇති.
පසුගිය අප්‍රේල් මස 29 වනදා සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.
මේ අතර අද සිට සතොස ආයතනය මගින් ආනයනික බිත්තර රුපියල් 35 ක මුදලකට මිලදී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අනුව එහි මූලික අදියර ලෙස බස්නාහිර පළාත තුළ පවතින තම අලෙවිසැල් 144 ක් තුළින් මෙම මිලට බිත්තර ලබාගත හැකි බවයි ලංකා සතොස නිවේදනය කළේ.
මීට පෙර ආනයනික බිත්තර නිකුත් කරනු ලැබුවේ හෝටල් සහ බේකරි සදහා පමණක් වන අතර අද සිට ඒවා සාමාන්‍ය වෙළඳපොළට ද නිකුත් කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව කියා සිටියේ.
මෙම නිරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍යවරයා සමඟ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින්ද එක්ව සිටි අතර තිරිඟු පිටි, බිත්තර ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් විවිධ මිල ගණන් යටතේ අලෙවිකරන වෙළඳසැල් හිමියන්ට අවවාද කරනු ලැබුවා.
මේ අතර ඉදිරි මාස 02 ක තුළ බිත්තර ගැටලුවට දේශීයව පිළියම් යෙදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.