අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (22) එම අනතුර සිදුව තිබුණේ, වැල්ලව, වරද්දන ප්රදේශයේදීය.
අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක එම ලොරි රථය ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර, මියගොස් ඇත්තේ, ලොරි රථයේ රියදුරා බව වාර්තා වෙයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා, වැල්ලව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ලොරි රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය වාර්තා කර ඇත.
මියගොස් ඇත්තේ, 38 හැවිරිදි නාරම්මල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, චාවකච්චේරිය, මීසාලේ ප්රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ඊයේ උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, 72 හැවිරිදි මීසාලේ, චාවකච්චේරිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.