වව්නියාව,තාණ්ඩිකුලම ප්රදේශයේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරියෙක්ව හප්පා තුවාල කර පළාගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (16) සවස අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ යතුරුපැදිකරුවෙකු විසින් රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා හප්පා පළාගොස් ඇති බවය.
අදාළ යතුරුපැදිකරු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර, තුවාල ලැබු පොලිස් නිලධාරියා වව්නියාව රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය පැවසීය.
තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන අතර, සැකකරු වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.