පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීම හේතුවෙන් මියගිය බවට පැවසෙන තරුණිය පිළිබඳව සිදු කරන ලද විමර්ෂණයට අදාළ වාර්තාව දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා දීමට නියමිතව ඇති බවට වාර්තා වනවා.
උදරාබාධයක් හේතුවෙන් පසුගියදා රෝහලට ඇතුලත් කෙරුණු 21 හැවිරිදි මෙම තරුණිය මිය ගියේ රෝහලෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් බවටයි ඔවුන්ගේ දෙමාපියන් සඳහන් කළේ.
කේසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණා. ඒ අනුව එම කමිටුව පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් විමර්ශණයක්ද සිදු කළා.
එවන් පසුබිමක මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුටද අදාළ තරුණියට ලබාදුන් සෙෆ්ටි්රඑක්සෝන් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ අනුව සෙෆ්ටි්රඑක්සෝන් ප්‍රතිජීවක භාවිතය මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.