අයිස් , හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පවසනවා.
පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
අයස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හි වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.
ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.
පොලිසිය තුළ මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇත්තේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පමණක් බවත්, ආධුනික උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටි බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ බස්නාහිර පළාත තුළ බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.