මහ රෑ නිධන් හාරන්න ගිය 5ක් අත්අඩංගුවට

0
46

කිරිඇල්ල පොලිස් වසමේ නාමලුව බෝධිය, කොඩිතුවක්කු කන්ද, කිරිඇල්ල ප්‍රදේශයේ දී කිරිඇල්ල පොලීසිය විසින් නිධානයක් හැරීමට උත්සහ කළ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(25) මධ්‍යම රාත්‍රීයේ මෙම වැටලීම සිදුකර ඇත.

කිරිඇල්ල පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් 5 දෙනෙක් කැණීම් සිදු කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද උපකරණ ද සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20,26,31 හා 45 යන වයස්වල පසුවෙන අතර, පිළියන්දල, ඕපනායක , පන්නිපිටිය හා කිරිඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.

සැකකරුවන් අද(26) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.