බඩල්කුඹුර – මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළදසැලක් අසල ඊයේ (14) ගෙලෙහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයා පළතුරු වෙළදසැලේ හිමිකරු බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ.
මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.