පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් අද සහ හෙට එනම් ජුලි මස හය සහ හත දෙදින වසා තැබීමට තීරණය කෙරුණි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් පවතින පසුබිමක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් ඊයේ දිනයේද වසා තැබුණි.