තරුණියකගේ සංස්කරණය කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, යාපනය අච්චුවේලි ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී තත්ත්වයට කාන්තාවන් 25ක් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
දකුණු නිර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට 500 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇතත් තත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වාගෙන තිබුණු බව සඳහන්.
තරුණියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දුන් තරුණයාද මුදාගෙන ඇති අතර පහර කෑමෙන් ඔහු තුවාල ලබා සිටි නිසා පොලිස් ආරක්ෂාව ඇතුව යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.