ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.
පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්රධාන අරමුණය.
සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකේ.
මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්රයත්නයක යෙදී ඇති අවස්ථාවේ මෙවර හජ් උත්සවය අන්කවරදාටත් වඩා සුවිශේෂී වන බවය.
එළඹෙන හජ් සමය වන විට රට තුළ පවතින ආර්ථික සමාජයීය දුෂ්කරතාවයෙන් සම්පූර්ණයෙන් මිදීමට සියලුදෙනාගේ දායකත්වය, මැදිහත්වීම සහ සහභාගීත්වය අතිශය වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හජ් උත්සව සුබ පැතුම පහතින් දැක්වේ.