වසර 09කට පසු යාචකයන්ගේ හා අපචාර වල යෙදෙන්නන්ගේ නිජබිමක් වු කතරගම බස් නැවතුම් පොල දේවාලයේ අරමුදලින් ඉදිකර ජනතා අයිතියට පත් කරයි.
වසර 09කට අධික කාලයක් තිස්සේ යාචකයන්ගේ හා විවිධ අපරාධ සදහා යොදා ගන්නා ස්ථානයක්ව පැවති කතරගම බස් නැවතුම් පොල කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකර ජනතා අයිතියට පත් කිරිම පසුගිය දින (25) සිදුකෙරුණා.
වසර 09කට අධික කාලයක් කතරගම නගරය මධ්‍යෙය් පිහිටි මෙම ප්‍රධාන බස් නැවතුම් පොල විදුලියද නොමැතිව පැවතියේ ජනතාවට එය පරිහරණය කිරිමට නොහැකි තරමටම අබලන්වයි.
කතරගමට යන එන මගීන්ට මෙම බස් නැවතුම් පොල පරිහරණය කිරිමට නොහැකි තරමටම මෙය අපිරිසිදු ස්ථානයක්ව පැවති අතර අවසානයේ මෙය යාචකයන්ගේ හා විවිධ අපචාර සිදුකරන්නන්ගේ නවාතැන්පොලක් පමණක් බවට පත්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා 29 වතාවක් වගකිවයුත් බළධාරීන් දැනුවත් කලද ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ සදහා මුදල් ප්‍රථිපාදන නොමැති බව පවසමින් මෙම බස් නැවතුම්පල ඉදිකිරිම් ප්‍රමාද කරමින් සිට තිබෙනවා.
මෙවන් තත්වයක් තුළ කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා කතරගම කිරවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්හා කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස යන නා හිමිවරුන්ගේ අනුසානසා පරිදි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම දේවාලයේ පුද පඩුවරු වලින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා මෙම බස් නැවතුම් පොල කෙටි කලක් තුළ ඉදිකර ජනතා අයිතියට පත් කර තිබෙනවා.