අවිස්සාවෙල්ල පොලිස් වසමේ කොළඹ – රත්නපුරය මාර්ගයේ උක්වත්ත සුසාන භූමිය අසල දී සිදුවු රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අවිස්සාවේල්ල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ තරුණියක් බසයෙන් බැස ඉදිරියට ගමන් කරමින් සිටිය දී එම බස් රථයේ ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබු තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි දිනක්ෂි දිල්ෂිකා නැමති තරුණියකි.
ඇය මහරගම පෞද්ගලික ආයතනය සේවය කරන තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ.
බස් රථයේ වම් පැත්ත තරුණියගේ ඇඟේ ගැටීමෙන් පසු ඇය බිමට ඇදවැටී ඇති අතර, බස් රථයේ ඉදිරි රෝදයට හා පසුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.
පසුව බස් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලීසිය ලුහුබැඳ ගොස් රියදුරුව හා කොන්දොස්තරව අත්අඩංගුවට ගෙන තිබේ.