රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි 29 සිට ජූලි 3 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කරනවා.
ඔහු පවසන්නේ එම කාලසීමාව තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකර බැංකු කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවයි.
එමෙන්ම දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කර ඇති බවත් පොලීවලටද බලපෑමක් ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.