පල්ලෙකලේ – තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ ඥාතීන් සමග දිය නාමින් සිටි වයස අවුරුදු 15ක් වූ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මහනුවර රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
එක් දරුවෙකු පසුගිය 24 වැනි දා ජීවිතක්ෂයට පත් වූ අතර අනෙකුත් දරුවා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(25) දින මියගිය බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුයි.
මෘත දේහය සම්බන්ධයෙන් මහනුවර රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණයට හේතුව දියේ ගිලී සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේදී ම උදෑසන වාලච්චේන, වඩමුණ වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුද දියේ ගිලී මියගොස් ඇති බවට පොලිසිය වාර්තා කරනවා.
මරණකරු වයස අවුරුදු 28ක් වන බෝඅත්ත, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඉහත වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවට අනාවරණැය වී තිබෙනවා.
වාලච්චේන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.