පානදුර බොල්ගොඩ ගඟේ බෝට්ටු පදිමින් සිටිය දී සිදුවු අනතුරකින් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පානදුර දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටී එෂාන් විතාන නමැති 42 හැවිරිදි අවිවාහක ව්‍යාපාරිකයෙකි.
එම පුද්ගලයා පුරුද්දක් ලෙස රස්කින් දූපත ආසන්නයේ බොල්ගොඩ ජලාශයේ විනෝදාංශයට ජෙට් ස්කි පදිමින් සිටින අයෙකු බව වාර්තා වේ.
ඔහු අද දිනයේද ජෙට් ස්කි පදිමින් විනෝද වෙමින් සිටියදී පෙරවරු 10.05ට පමණ ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදුවු අනතුරෙන් පසුව දියේ ගිලී තිබුණි.
ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොළට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.