ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවේ ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව කියා සිටියාය.
ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය, ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බැවින් එම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගය ද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බව ද පැවසුවාය.