ඩුබායි රාජ්‍යයේ චොකලට් නිෂ්පාදන ආයතනයක රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාර්යාංශය සඳහන් කළේ, මෙම ජාවාරම විවාහක යුවලක් විසින් මෙහෙයවා ඇතිබවයි.
එක් පුද්ගලයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස්දහස බැගින් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් මොවුන් මුදල් ලබාගෙන තිබෙනවා.
ජාවාරමේ ප්‍රධාන සැකකාරිය වන අත්අඩංගුවට ගත් කාන්තාව මරදන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කර ඇති අතර ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.