ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (21) යෝජනා 3ක් සම්මත කරගනු ලැබුවා.
ඊට අදාළ සමුළුව කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති අතර ඊට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති එක්ව සිටියා.
සම්මත කරගත් පළමු යෝජනාවේ දැක්වෙන්නේ පෞද්ගලීකරණයේ හෝ විකුණා දැමීමට අවකාශ සළසමින් ඉදිරිපත් කර ඇති පනත ඉවත්කර ගතයුතු බවයි.
කෙසේ වෙතත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන සිදුකරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට සහය ලබාදෙන බව එහි දැක්වුණා.
එමෙන්ම වසර 04කට වැඩි කාලයක් සේවය කරන සේවකයින් ස්ථීර කළ යුතු අතර අර්ථසාධක අරමුදල් මෙන්ම සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් කප්පාදුවකින් තොරව ලබාදිය යුතුයි.
එසේ නොකරන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව මෙහිදී යෝජනා වුණා.
විකාශන අධිකාරි පනත දැඩිව හෙළාදකින බවයි සම්මත කර ගැණුනු තුන්වන යෝජනාවේ දැක්වුණේ.