පේරාදෙණිය බන්ඩාරණායක ශික්ෂණ ළමා රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයන් අතරතුර දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා එම රෝහල්වල අධ්‍යක්ෂකවරු මෙන්ම එම ශල්‍යකර්ම සිදුකළ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (22) පෙරවරුවේ කැදවා තිබෙනවා.
එහිදී අදාළ ශල්‍යකර්මයන්ට යොදාගත් ඖෂධ වර්ග සම්බන්ධයෙන් සොයාබැලීමක්ද සිදු කිරීමට නියමිතයි.
පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධය හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට මීට පෙර කරුණු අනාවරණය කළා.
එම දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ නිර්වින්දනය කිරීමේදී ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් තම දරුවන් මියගිය බවට, රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ බවයි.
දරුවන්ට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙකු මියගිය බවට තොරතුරු අනාරණය වූයේ නිර්වින්දනයේ දී ඇති වූ ආසාත්මික තත්ත්වයන් හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සදහායි අදාළ රෝහල්වල අධ්‍යක්ෂකවරු සහ වෛද්‍යවරුන් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැදවා ඇත්තේ.
ඒ පිළිබදව මහනුවර ඊයේ (21) පැවති වැඩසටහනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළකළා.