වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන් වීමට නියමිත අතර අලුත් පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මීළඟ පොලිස්පති ධුරය සඳහා යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි යන්න තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද සඳහන්.
වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසයි පත් වී ඇත්තේ.
වර්තමාන පොලිස්පතිවරයා එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනි දින වන අතර ඔහු පසුගිය මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කර සිටියේ පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කරතීරණයක් ගන්නා බවයි.