ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිළධාරී වසම් 05ක් තුළ සිටින අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තෝරා කොස්වලින් සකසන ලද කොත්තු හා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක් පසුගිය (18) වැනිදා පවත්වා තිබෙනවා.
අදාළ වැඩසටහන සඳහා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100ක් සහ ඔවුන්ගේ මව්පියන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී පැමිණ සිටි සියලුම දෙනාට කොස් කොත්තු සකසන ආකාරය පිළිබඳ දැනුමක්ද ලබාදුන් අතර මෙය නවමු අත්දැකීමක් වූ බවයි.