ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය අද (ජූනි 19) සිට 22 දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වෙනවා.
‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයේ අණ දෙන නිලධාරී, කමාන්ඩර් දිවාකර්. එස්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවනු ඇතැයි අපේක්ෂා කරනවා.
තවද, සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වෙනවා.
ඉන්දීය නාවික හමුදාවේ නෞකා සහ සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ වන්නේ ‘අසල්වැසිකම ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ ‘කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය’ යන ඉන්දියාවේ දැක්මට අනුකූලව අසල්වැසි නාවික හමුදා දෙක අතර සහෝදරත්වය සහ එකමුතුව පෝෂණය කිරීමයි.