මිරිස් කුඩු වලට පිටි ,ලුණු හා වර්ණක බොහෝ ලෙස එක් කර විකුණන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සම්බන්ධයෙන් නඩු විශාල සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද එම සංගමයේ රෝෂන් කුමාර සටහනක්ද තබා තිබෙනවා.
තක්කාලි සෝස් බොහොමයකට වර්ණ එක් කර ඇති අතර සමහර කේටරින් තක්කාලි සෝස් වර්ග වල තක්කාලි කිසිවක් අඩංගු නොවන අවස්ථාද වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ රෝෂන් කුමාර වැඩිදුරටත් සටහන් තබා තිබෙනවා,
සුදු සීනි රතු කිරීමේ ජාවාරම්ද බහුල බව ඔහු පවසා සිටින අතර ඒ සම්බන්ධව නඩු රැසක් ගොනු කර ඇති බව වැඩිදුරටත් අනාවරණය කරනවා.