අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබා ලබා දීමේ උත්සවයකට පැමිණි ක්රීඩා විනිසුරුවරියක ගේ බෑගයේ තිබී හිස් පතුරම් කොපු තුනක් සොයාගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පිළියන්දල පාසලක ක්රීඩා තරඟ තීරවරියක් ලෙස කටයුතු කරද්දී සංඥාව ලබා දීමට භාවිතා කරන අවියෙන් නිකුත් වූ හිස් පතුරම් ඇය විසින් බෑගයේ දමා ගත් බවකි. එම හිස් පතුරම් බෑගයෙන් ඉවත් කිරීමට අමතක ව ඇය අරලියගහ මන්දිරයට රැගෙන ආ බව පොලිසියට පවසා ඇත.
ක්රීඩා විනිසුරුවරිය සතුව තිබූ හිස් පතුරම් කොපු එම ක්රීඩා උළෙලට පොලිස් ක්ෂේත්රබලකා මුලස්ථානය විසින් අවසර මත ලබා දී තිබූ අවියක ඒවා බවද අනාවරණය වී තිබේ.මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කොල්ලුපිටිය පොලීසිය විසින් සිදුකරනවා.