මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ වායු දූෂණය ඉහළ යාම නිසා මීට ප්‍රධානතම හේතුවක් බවයි.
ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් ඇති හෙයින් එම අවදානම හටගෙන ඇතැයි ද ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.
මෙම අවදානම අඩුකර ගැනීමට එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළඳීය යුතු බවයි වෛද්‍ය පතිරණ පෙන්වා දෙන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහ හෘද රෝග පිළිබඳ විධිමත් පරේශ්ෂණයක් අවශ්‍ය බවයි.