පියාගෙන් සිදුවන හිරිහැර ගැන පැමිණීමට 18 හැවිරිදි තරුණියක් රවටා නිවෙසට කැඳවාගෙන ගොස් ඇයට දරු ගැබැක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.
ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ අදාළ තරුණිය විසින් සිදුකළ පැමිණිල්ල මත මූලික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි.
මෙම කොස්තාපල්වරයා පසුගිය පෙබරවාරි 09 වැනි දින රාජකාරියේ නිරතව සිටිය දී මෙම තරුණිය සහ ඇගේ මවගේ සහෝදරිය සමඟ පොලීසියට පැමිණ ඇත්තේ පියාගෙන් කරදර සිදුවන බව බවසමින් ය.
ඒ මොහොතේ පොලිස් නිලධාරිණියක් නොමැති බව පවසා මොවුන් දෙදෙනා රැය පහන්වනතුරු පොලීසියේ රඳවා ගැනීමට මෙම කොස්තාපල්වරයා කටයුතු කර ඇත.
ඉන්පසු උදෑසන පොලිස් නිලධාරිනියක් පැමින එම පැමිණිල්ල සටහන් කොටගෙන ඔවුන් දෙදෙනා නිවෙස් වෙත පිටත්කොට යවා තිබෙනවා.
නමුත් පසුව පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පොලිස් කොස්තාපල්වරයාට මෙම පැමිණිල්ල සටහන් කර ගැනීමට හැකියාව තිබී ඇති බවයි.
කෙසේ වෙතත් තරුණියගෙන් දුරකථනය අංකය ඉල්ලාගෙන ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය පෙබරවාරි මස 11 වැනිදා මෙම තරුණියට ඇමතුමක් ලබා දී ඇත්තේ තරුණියට වැඩි දුර අධ්‍යාපනය සඳහා තම පරිගණකය ලබා දීමට ඇයට පැමිණෙන ලෙසයි.
එම දැනුම්දීම මත එම තරුණිය පරිගණකය ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී මෙම කොස්තාපල්වරයා මෙම තරුණිය කල්අඩිය ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරී තිබෙනවා.
ඇගේ කැමැත්ත මත මෙලෙස හැසිරී ඇති අතර ඉන් පසු තරුණිය ගැබ් ගැනීම නිසා ඒ පිළිබඳ පොලීසියට දන්වා තිබෙනවා.
ඒ අනුව අදාල විමර්ශණ මෙහෙයවීමෙන් අනතුරුව මෙම පොලිස් නිලධාරියාගෙ වැඩ තහනම් කළ අතර ඔහු පිළිබඳ විනය පරීක්ෂණද පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.