පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුවී තිබෙනවා.
වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයෙකු විසින් ඊයේ දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වනවිට පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.