අඩු වූ පොහොර සහනාධාරය නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගොවීන්ට මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඊට අදාළව නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.