බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් කපා ගෙන ගොස් තිබෙනවා.
මේ හේතුවෙන්ආදහනාගාරය ආරක්ෂාවට මෙන්ම අතුරු මාර්ග වල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රිය වී ඇත.
සති දෙකකට පමණ ඉහත දී මෙම සිදුවීම වී ඇති මුත් මේ වන තෙක් පාලනාධිකාරිය එයට කිසිදු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බොරැල්ලකනත්ත සේවකයින් හිරු ට පැවසීය.
බොරැල්ල කනත්තේ ආරක්ෂාව තර නොකළහොත් ආදාහනාගාරය ද අනාරක්ෂිත තත්ත්වයකට පත් විය හැකි බව එහි වැඩ කරන සේවකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.