මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා.
පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඊයේ පස්වරුවේ ඇය ඝාතනය කර ඇති බවයි පොලිසීය සදහන් කළේ.
ප්‍රේම සබඳතාවක් නිසා ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සිදු කළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් වෙඩි තැබීම් සහ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ පුද්ගල ඝාතන පිළිබද සිද්ධීන් රැසක් වාර්තා වුණා.
ඊට ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වූයේ මාතර දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයෙන්.
එහිදී පුද්ගලයෙකුට මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.
එමෙන්ම ගාල්ල අක්මීමන කපුහෙම්පළ ප්‍රදේශයේදී සහ කොස්ගොඩ ඉදුරුව ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයෙන්ද ඊයේ ඝාතන සිද්ධීන් වාර්තා වුණා.
පොලීසිය සදහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම පුද්ගල ඝාතන සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති බවයි.
මේ අතර වෙන්නප්පුව වයික්කාල අළුත්තොට ප්‍රදේශයේදී බේකරියක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේද අද අළුයම් කාලයේදීයි.
තිස් දෙහැවිරිදි වියේ පසු වූ ඇය දෙදරු මවක් වන අතර සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.