බොරලැස්ගමුව – ඇඹිල්ලවත්ත ප්රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා විදේශීය මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වනවා.
පෙරේදා දහවල් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මෙලෙස රන් භාණ්ඩ සහ මුදල් සහිත සේප්පුව රැගෙන ගොස් ඇති බව සඳහන්.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් සේප්පුව රැගෙන යන අයුරු සී.සී.ටීවී දර්ශන වන සටහන්ව ඇති අතර ඒ අනුව වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බවයි.