රුසියානු හමුදාව භාරයේ පැවැති තවත් ගම්මාන 04 ක් යුක්රේන හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවැති ගිනිකොන දිග යුක්රේනයේ ගම්මාන 07 ක් යුක්රේනය යළි අල්ලා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේනය කියා සිටියේ බක්මුට් නගරය ආසන්නයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදාව බොහෝ කාලයක් බලා සිටි බවයි.
එමෙන්ම යුක්රේන හමුදාව එලෙස රුසියානු ඉලක්ක වෙත පහර දීමට යුරෝපානු හා බටහිර රටවලින් ලද අවි භාවිත කර බව ද විදෙස් මාධ්‍ය පවසනවා.
රුසියාවට එරෙහි දැවැත්න ප්‍රති ප්‍රහාරයක් ආරම්භ කළ බව යුක්රේනය නිවේදනය කළේ ඉකුත් සෙනසුරාදායි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණි අවස්ථාවේදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි මේ බව සඳහන් කර තිබුණා.