කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 09ක ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 දෙනාට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද (12) නියෝග කළේය.
සැකකරුවන් පිරිස අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 බැගින් ලබාදී මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.