ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද

0
49

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබේ.

ඒ අනුව එම හමුව අද(20) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද උදෑසන 10.00ට පෙර පැමිණය යුතු බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම වයස අවුරුදු 18ට අඩු නිවුන් දරුවන් සහතික කළ උප්පැන්නයට අමතරව තම මව හෝ පියාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්ද රැගෙන පැමිණිය යුතු වෙයි.

අද දිනයේ පැවැත්වෙන මෙම හමුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා නිවුන් සංගමයේ උපලේකම් ඉන්දික දංදෙණිය මහතා පවසා සිටියේ, ලංකාව පුරා සිටින නිවුන් සමාජිකයන්ට ලාංකීය නාමය ඉදිරියට ගෙන යෑමට අද දිනයේ එකතු වන ලෙසයි.