රංජන් සිර කුටියේ පැදුරේ නිදි

0
21

රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පෙරේදා (15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඊයේ (16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.

පෙරේදා (15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා ඊයේ (16) පෙරවරුවේ බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.

මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකු යාමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද පැවසේ.