මැතිවරණ කොමිසම විසින් ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 16 වනදායි අවසන් වීමට නියමිතයි.
කෙසේ වෙතත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා තවත් කල් අවශ්‍ය බවයි.