අක්මීමනදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි අක්මීමන වංචාවල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ රාත්රියේ (11) 11.30 ට පමණ අක්මීමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබෙනවා.
එහිදී සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබෙනු දැක පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පලායාමට උත්සහ කර ඇති බව සඳහන්.
ඔවුන් පලායෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සහ කර තිබෙනවා.
එහිදී එක් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ. තුවාල ලැබූ සැකකරු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් සතුව තිබූ ටී 56 උණ්ඩ සහිත පාර්සලයක් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.