ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්,රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී ඇති බවට ඇය විසින් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි ඇය පොලීසියට පවසා තිබෙන්නේ.
මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබෙනවා.
එම සිදුවීමට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි පොලිස් මූලස්ථානය කටයුතු කළේ.
කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ තිබී මෙම භාණ්ඩ අස්ථානගත වී ඇති බව ඇය වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැලිකඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.