මෙරටින් වාර්තාවන මුළු ඩෙංගු රෝගීන් අතරින් සියයට විසි පහක් පාසල් ළමයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඩෙංගු උවදුරින් ළමයින් ආරක්ෂාකර ගැනීම සදහා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ සිදුකළ අතර එය අද (11) දිනයේද එය ක්‍රියාත්මකයි.
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 42,184 ක් වාර්තාවන අතර ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංඛ්‍යාව 61 ක් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ.